ග්‍රාම නිලධාරින් අද සහ හෙට යන දෙදින තුළ සේවයෙන් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.

2016 වසරෙන් පසු වැඩි නොකළ ගමන් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩිකරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ.

එම සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අමතරව මෙලෙස සේවයෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.

WhatsApp Group

Skip to content