දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අදත් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

දීමනා ඉහළ නොදැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළ අතර ඒ හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා.

කෙසේ වෙතත් තම වෘත්තිය ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදුනහොත් ලබන සතියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සිටියේ.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවද්දී කැකිරාව පලුගස්වැව හිරිවඩුන්න වසම භාර ග්‍රාම නිලධාරීවරයා ඊයේ සේවයට වාර්තා කර තිබූ බවයි වාර්තා වුණේ.

WhatsApp Group

Skip to content