ලබන ඉරිදා දිනය වන විට සිය සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.

ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සදහන් කළේ.

වැටුප් ගැට`ඵව ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය මෙම අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content