නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බලකරමින් අද දිනයේදීත් සියළු සේවාවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

අදාළ ගැටළුව පිළිබදව ඔවුන් ඊයේ දින බලධාරින් සමඟ සාකච්ඡා කළ අතර එය අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා කියා සිටියේ.

ග්‍රාම නිලධාරින්ගේ වෘත්තිය සමිති වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content