ගල් අඟුරු රැගත් 08 වන නෞකාවත් අද මෙරටට ලගා වී තිබෙනවා.
ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 60,000 ක් රැගත් අධාල නෞකාව අද උදෑසන 08,23 ට පමණ මෙරටට ළඟ වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
ගල් අඟුරු රැගත් 09 වන නෞකාව එළඹෙන 18 වනදාත්, 10 වන නෞකාව ලබන 19 වනදාත් මෙරටට ලගාවීමට නියමිතයි.
ඉකුත් දෙසැම්බර් මස සිට මේ දක්වා මෙරටට පැමිණි ගල් අඟුරු නෞකා සංඛ්‍යාව 08 ක්.
මෙම වසරේ ගතවූ කාලය තුළ ගල් අගුරු රැගත් නෞකා 04 ක් දිවයිනට ලගා වී තිබෙනවා.
කෙසේවෙතත් ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙම වසරේ ජනවාරි මාසය තුළ පමණක් ගල් අඟරු රැගත් නෞකා 07 ක් මෙරටට ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.