ගල්කිස්ස වෙරළ තීරයට හඳුනා නොගත් ප්‍රභවයකින් තෙල්, තාර වැනි ද්‍රව්‍යක් වෙරළට ගසා ගෙන ඇවිත් තිබෙන බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පසුගියදා (03) වාර්තා විය.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එහි පරීක්ෂණ කටයුතු සිදු කරමින් නියදි ලබා ගැනීමට කටයුතු කරන ලදී.

මෙම දූෂණය පිළිබඳ සැක කළ හැකි ප්‍රභවයක් මෙතෙක් හඳුනා ගෙන නොමැත.
එහෙත් මෙය නෞකාවකින් බැහැර කරන ලද යම් ද්‍රව්‍යයක් විය හැකි බව සැක කළ හැකිය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ සහය ඇතිව මෙම තෙල්, තාර වැනි ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කරමින් ගල්කිස්ස වෙරළ තීරයෙන් එම අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

WhatsApp Group

Skip to content