මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

2019න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න වාර්තා වී ඇත්තේ 2023 වර්ෂයේදීයි .
ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබාදීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය මෙලෙස අස්වැන්න ඉහල යාමට බලපා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

දල වශයෙන් මෙරට වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් වනවා.

WhatsApp Group

Skip to content