වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවාපිටිය දේවස්ථානය වෙත පිවිසියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සඟවාගෙන සිටින වාර්තා දෙක එළිදැක්වීමට යැයි තමා විශ්වාස කළ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව මෙහෙය වන අනිසි බලවේගය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාදැයි තමාට සැකයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පසුගියදා කටුවාපිටිය දේවස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් වින්දිතයින් බවට පත් ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටු කර දෙන බවයි.

WhatsApp Group

Skip to content