ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන්ව තිබෙනවා.

වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 18 වයසේ පසුවන මෙම සිසුවියන් දෙදෙනා 11 සහ 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අතර එක් සිසුවියක් පාසල් නිම වී යන විට අතුරුදහන්ව ඇති අතර අනෙක් සිසුවිය ඊයේ පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම සිසුවියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථානය සහ පොලීසියත් වැලිවේරිය පොලීසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.

WhatsApp Group

Skip to content