ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අනිද්දා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.

අදාළ කාලය තුළ පෑලියගොඩ, වත්තල , ජාඇල, කටුනායක , සීදුව සහ කැළණිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම බියගම , මහර , දොම්පේ , කටාන , මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා.

බියගම ජල පවිත්‍රාගාරයේ සිදුවන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතුවී තිබෙනවා.

WhatsApp Group

Skip to content