අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වි දැනට මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබන සිසුවෙකු සිය නිවස තුළ සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,විවේකානන්දනගර් පදිංචි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නමැති දරුවෙකු එලෙස සිය නිවස තුළදි ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදි ඇති අතර, දරුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරුන් බව වාර්තා වෙනවා.

පැවති සිත් තැවුලක් හේතුවෙන් දරුවා සියදිවි නසාගන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

WhatsApp Group

Skip to content