ජා-ඇල රුක්මණි දේවි හන්දිය අසලදී ගජමුතු 5 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගජමුතු 5 රුපියල් හත් කෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 34 හා 40 යන වයස්වල පසුවන නිකවැරටිය, හැටන්, වැලිමඩ සහ තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

WhatsApp Group

Skip to content