ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.
ඔහු තවත් මිතුරන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවකින් ගමන් කර ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.,

බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව සඳහන්.

WhatsApp Group

Skip to content