යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ප්‍රවාහණය කරමින් තිබූ ගංජා කිලෝ 03 ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ,තිරැක්කොවිල් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි පුද්ගලයෙක්

අද අලුයම 04.30 සිට 08.30 දක්වා පුනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට ක්ෂණික මර්ග බාධක යොදා යාපනය සිට ගමන් ගන්නා මගි බස් රථ පරිකෂා කරීමේ මොහෙයුමක් පූනෑව පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ එම පරිකෂාවේදී යාපනය ඩිපෝවට අයත් යාපනය කොලඹ බලා ධාවනය වූ බස් රථයක්  නවත්වා පුද්ගලයින් හා ගමන් මලු පරිකෂා කිරිමේ දි සැකකරැවන්ගේ ගමන් මලු තුල තිබි කැනබිස් සැටායිවා ඵල් නොහොත් ගංජා තිබි හමුවු බවයි.

මෙම සැකකරුවන් පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කර අනතුරුව මැදවච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

 

 

WhatsApp Group

Skip to content