මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඛණිජ සම්පත් ඵලදායිව භාවිතයට ගැනීම පිළිබද අවධානය යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

ඛණිජ සම්පත් භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන නිපදවීම තුළ ඒවාට ඉහළ වටිනාකමක් ලබා දිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රටේ භූමිය ආරක්ෂා කරගනිමින් ඉදිරි කටයුතු සිදුකිරීමට රජයේ අපේක්ෂාව බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළා.

එමෙන්ම පරිසරය සහ සාගරය ආරක්ෂා කිරීම සදහා නව පනතක් ගෙන එන බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content