හොං කොං රාජ්‍යයේ හැමසිං කෝෆ් බෝල් කණ්ඩායම පුහුණු තරග 3 ක් සඳහා හෙට මෙරටට පැමිනීමට නියමිතව තිබෙනවා.

විදේශීය කෝෆ්බෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

මෙම සංචාරය හෙට සිට එළඹෙන 27 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමය සදහන් කළා .

ගම්පහ මැක්රෝ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 24 වැනිදා පෙරවරුවේ ඔවුන් පළමු පුහුණු තරගයට සහභාගී වනු ඇති .

25 වැනිදා දෙවන පුහුණු වැඩසටහන සහ පුහුණු තරඟය කොළඹ ලුම්බිණි විදුහලේදීත්, 26 වැනිදා තුන්වන පුහුණු තරඟය සහ පුහුණු වැඩසටහන පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදීත් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමය පැවසුවේ.

WhatsApp Group

Skip to content