කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ක්‍රියාකලාපයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංගය කථානායකවරයාට භාර දෙන බවයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.

ඊට අදාළ සාකච්ඡා මේ වනවිට සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content