කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වීම පිළිබද අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණා.

එහිදි අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සදහන් කළේ කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වන්නේ නම් ඒ වෙනුවෙන් නවක සාමාජිකයින් පත් කළ යුතු බවයි.

ඊට පිළිතුරු දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ තමන් ද එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ සූදානමින් පසුවන බවයි.

නමුත් යම් කරුණක් හේතුවෙන් එය මෙතෙක් ප්‍රමාද කරමින් සිටින බවයි ඒ මහතා සදහන් කළේ.

එම කතාබහට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ කමිටුවේ සභාපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩු පක්ෂයේ අවශ්‍යතා මත සිදුව ඇති බවයි.

මේ අතර ඊට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සදහන් කළේ වත්මන් සභාපතිවරයා පත් කිරීම සිදුකරනු ලැබුවේ ඡන්ද විමසීමකින් බවයි.

WhatsApp Group

Skip to content