කොළඹ සිට මඩකලපුව බලා ඊයේ (10) රාත්‍රී ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.
පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද  පුල්ලෙයාර් අඩි  ප්‍රදේශයේයේදී මෙම වන අලියා දුම්රිය ගැටී ඇතැයි  වැලිකන්ද වනජීවී නිලධාරීන් පැවසිය.
සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරුඔය රක්ෂිතයට වන අලි රංචුවක් මාරු වීමේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරන අතර මෙම ස්ථානය අලි මාරු වන අලිමංකඩ ලෙසද හඳුන්වනු ලබන බවත් එම ස්ථානයේ දුම්රිය රියදුරන්ගේ දැනගැනීම සඳහා වේගය සීමා කරන ලෙස දැන්වීම් ගසා තිබුණද එය නොසලකා හැර දුම්රිය රියදුරන් දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වන අලි දුම්රියේ ගැටී මිය යෑම නිරන්තරයෙන් සිදුවන බව වනජීවි නිළධාරීන් අවධාරණය කරයි.
වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මෙම ගැහැණු වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (11) දහවල් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර දුම්රියේ ගැටුණු වන අලියා එම ස්ථානයේ මියගොස් සිටි අයුරු මෙසේය.

WhatsApp Group

Skip to content