පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව අගය කර තිබෙනවා.
ඉකුත් දා සීතා අම්මාන් කෝවිලේ පැවැති කුම්භාභිෂේක පූජාව පිළිබඳ අදහස් දක්වමින්ඒ මහතා පවසා ඇත්තේ, සංචාරක ව්‍යාපාරය හේතුවෙන් දෙරට අතර යහපත් සබඳතාවක් පවතින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 60ක් පමණ පැමිණෙන්නේ ඉන්දියාවෙන් බවයි ඒ මහතා සඳහන් කලේ.
තවද කොළඹ සහ නවදිල්ලිය එකට එකතු වී අනාගතයේදී වැඩ කළ යුතු බවත්, ශ්‍රී ලංකාව දැන් ආර්ථික ප්‍රතිසංස්කරණයක් ලබා ගැනීමට වේගයෙන් ඉදිරියට යමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කලා.

ඉන්දියාවේ ANI පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content