මෙම වසරේ පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා.
මේ බව ප්‍රකාශ කර ඇත්තේ නැව් කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන ඇල්ෆලයිනර් විසින් .

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මේ බව ප්‍රකාශ කළා.
මේ අනූව කොළඹ වරාය සියයට 23 යි දශම 06ක විශිෂ්ට වර්ධන වේගයක් 2024 වසරේදී වාර්තා කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවයි අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content