කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (02) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇතුළු පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු කෙරිණි.

WhatsApp Group

Skip to content