කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල සැපයුම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content