කොළඹ නගරය ආශ්‍රිතව මාස 3 ක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා.

මේ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනේනේ.

මෙහිදි ඉදිකිරීම් ස්ථාන , පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල මෙන්ම පෞද්ගලික කාර්යාලය ඇතු`ඵව ස්ථාන රැසක් ඩෙංගු බෝ වන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන ඇති බවටයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එළඹෙන 15 වන දා සිට ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 2 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එහිදි ඔවුන් පෙන්වා දුන්නේ ඉන්ධන සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළ යාමට සාපේක්ෂව ලබා දෙන දීමනාව ප්‍රමාණවත් නොවන බවයි.

ඒ පිළිබදව බලධාරින්ව දැනුවත් කළ ද ඔවුන්ගෙන් සාධනිය පිළිතුරක් නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content