කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්.

ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content