කොළඹ නගරයේ තිබෙන පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් අද කැඳවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා උපදෙස් මතයි මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇත්තේ.

ඒ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්, වන සංරක්ෂණ ජනරාල් ඇතුළු ගස් වර්ග පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පිරිසක් එක් වන බවයි සඳහන්.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ පස් දෙනකුට මරු කැඳවමින් සිදු වූ අනතුරත් සමඟ කොළඹ නගරයේ එවැනි අනතුරුදායක ගස් ඉවත් කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content