ජාතික රෝහල තුල හෙට දිනයේදී වෘත්තීය සමිත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කලේ සෞඛ්‍ය උපකරණ හිඟ වීම ඇතුළු ජාතික රෝහලේ මතුව ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මෙම වෘත්තීය සමිත් ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/07/RAVI-KUMUDESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content