කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල විමර්ශනය සඳහා ඉන්දියාවට යවා තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී.විජේසූරිය මහතා පැවසුවේ මෙම රෝගීයාට ලබා දුන් කො-ඇමොක්සි ක්ලේව් නමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පලද වැඩිදුර විමර්ශනය සඳහා ඕස්ට්‍රේලියාවට යැවූ බවයි.

එම සාම්පලවලට අදාල විමර්ශනවල ප්‍රතිඵල ලැබුණු පසු මෙම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම රෝගියෙකු මිය යාමත් සමග එම ප්‍රතිජීවක ඖෂධ භාවිතය මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content