කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුත් මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී ඇත.

මෙම 128-Slice CT Scan යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමගින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයයි. රෝගියාගේ අපහසුතාවයන් සහ විකිරණ නිරාවරණය අවම කරන අතරම ඉහළ මට්ටමේ රෝග විනිශ්චය නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ද මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය මගින් ලබාදෙයි.

WhatsApp Group

Skip to content