කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය අද යළි ආරම්භ කෙරුණා.

ඒ, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සඳහා අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 6 කට අධික කාලයක් වසා දැමීමෙන් අනතුරුවයි.

කිලෝමීටර් 62ක දුරකින් යුත් අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.

මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, යාපනය කොළඹ දුම්රිය ආසන වෙන් කිරීමේ සේවාව ද නැවත ආරම්භ කළ බවයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ආර් ඉදිපොලගේ මහතා සඳහන් කළේ, අද දිනයේ කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා දුම්රිය ගමන්වාර 03ක් සහ කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 02ක් යෙද වූ බවයි.

WhatsApp Group

Skip to content