අද (15) කොළඹ ප්‍රදේශ රැසකට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මාලිගාකන්ද සිට එළිහවුස් ජලාශයට ජලය සැපයෙන පොම්පාගාර වෙත විදුලිය සැපයුම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු වන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ අනුව කොළඹ 01 සිට 04 දක්වාත් කොළඹ 7 සිට 15 දක්වාත් ප්‍රදේශවලට ජලය සැපයීම සීමා කෙරෙනු ඇති අතර අදාළ කාලය තුළ ජලය රැස්කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දී ඇත.

WhatsApp Group

Skip to content