සැලසුම් කළ පරිදි කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් නොමැති වීම හේතුවෙන් එම කටයුතු එළඹෙන ජූලි මස 31 වන දා දක්වා දීර්ඝ කිරීමට මාර්ගස්ථ සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් අද දින සිට ලබන මස 31 වන දා දක්වා කාලසීමාව තුළ තවදුරටත් රථවාහන ගමනා ගමනය සීමා කිරීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. ඒ සදහා විකල්ප මාර්ග ද පොලීසිය විසින් නම් කර තිබෙනවා.

මේ අනුව හොරණ දෙස සිට කොළඹට ගමන් කිරීමේදී 120 මාර්ගයේ පැපිලියාන මංසන්ධියෙන් දකුණට හැරී ගම්සභා හන්දිය ඔස්සේ හයිලෙවල් මාර්ගය ඔස්සේත්, පැපිලියාන මංසන්ධියෙන් හැරී නැදිමාල හරහා දෙහිවලට ගමන් කර ගාලු පාර ඔස්සේත් කොළඹට පැමිණිය හැකි බවටයි පොලීසිය කියා සිටියේ.

එමෙන්ම නාවල දෙස සිට දෙහිවලට ගමන් කිරීමේදී නුගේගොඩ පාලම අසලින් දකුණට හැරී හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගොස් කිරුළපන ස්ටේපට් මාර්ගයෙන් පාමංකඩ පාලම අසලින් දකුණට හැරී දෙහිවල දෙසට ගමන් කළ හැකියි.

WhatsApp Group

Skip to content