කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

මාස 02 ක කාලයක් පුරා අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම ද මේ වන විට තාවකාලිකව නවතා දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content