කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

සිමෙන්ති පැටවූ ලොරියක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පිය පුතු දෙදෙනා මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ මව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම අලුබෝදල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පියකු සහ ඔහුගේ 08 හැවිරිදි පිරිමි දරුවායි .

ලොරි රථයේ රියදුරාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content