රටවල් රැසක ව්‍යාප්තවන කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ සමාජ මාධ්‍යයේ ව්‍යාජ තොරතුරු සංසරණය වන බව අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

කොවිඩ් රෝග ලක්ෂණ වෙනස් වී ඇති බවට ප්‍රකාශ කර තිබුණද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උන, කැස්ස, ඇඟපත වේදනාව එක රෝගියාගෙන් රෝගියාට වෙනස් ලෙස අඩු වැඩි වශයෙන් පවතින බවද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළා .

මෙම රෝගලක්ෂණ වලින් අනතුරුව ඇතැම් රෝගීන්ට සංකුලතා මතුවිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම කොරෝනා නව ප්‍රභේදය පහසුවෙන් පැතිරෙන බවයි අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/01/ANANDA-01-EDIT.mp3?_=1

කොවිඩ් නව ප්‍රභේදය මේවනවිට රටවල් 29කින් වාර්තා වී ඇති බවයි අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/01/ANANDA-02-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content