ඉන්දියාව පළමු වරට නාසයෙන් ලබා දිය හැකි කොවිඩ් එන්නතකට අනුමැතිය ලබා දී තිබෙනවා.

භාරත් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනයක් වන එය ඉන්කොවැක් ලෙසයි නම් කර ඇත්තේ.

එම එන්නත බිංදු ආකාරයෙන් ලබා දිය හැකි අතර එමගින් නාසික කුහරයේ පටක වල ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන බව එම සමගම සඳහන් කළා.

ඒ අනුව විද්‍යාඥයින් පවසන්නේ කොවිඩ් ශරීරයට ඇතුළු වන නාසයේ සහ ඉහළ ශ්වසන පද්ධතිය නාසික එන්නත් මගින් ප්‍රතිචාර දක්වන බවයි.

නාසික කොවිඩ් පාලන එන්නත් මාත්‍රාවක් ඉන්දියාවේ රජයේ රෝහල්වල රුපියල් 325 ක් ලෙස මිල දක්වා ඇති අතර පෞද්ගලික රෝහල්වල එම මාත්‍රාවක් රුපියල් 800 ක් ලෙසයි නියම කර ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනය ද නාසික කොවිඩ් එන්නතක් අනුමත කරනු ලැබුවා.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ද නාසික කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

WhatsApp Group

Skip to content