කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ගසක් කඩා වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ මගීන් 5 දෙනා හට වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

එලෙස මියගිය එක් පුද්ගලයෙකු හට ලක්ෂ 5 ක මුදලක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලැබුවා.

WhatsApp Group

Skip to content