ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙකින් ලක්නව් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 98ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 235ක් රැස් කළා.
එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් නරේන් පන්දු 39 දී ලකුණු 81ක් රැස් කළ අතර, රමන්දීප් සිං පන්දු 6දී නොදැවී ලකුණු 25ක් රැස් කළා.
පන්දු යැවීමේදී නවීන් උල් හක් ලකුණු 49ට කඩුලු 3ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.
පන්දු යැවීමේදී හර්ෂිට් රානා සහ වරුන් චක්‍රවර්ති කඩුලු 3 බැගින් බිඳ හෙළුවා.
මෙම තරඟ ජයග්‍රහණයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමු ස්ථානට පැමිණීමට සමත් වුණා.
ඒ මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම දෙවන ස්ථානයට ඇද දමමින්.

WhatsApp Group

Skip to content