චීනයේ මැයි මාසයේදී ආර්ථික වර්ධනය අඩාල වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මේ හේතුවෙන් එරට පුද්ගලික අංශය අරගල සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සදහන්.

විශාලතම රැකියා මූලාශ්‍රය වන චීනයේ පුද්ගලික අංශය පසුගිය මාසය පුරාවට අඛණ්ඩව අරගල සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොරෝනා වසංගතයත් සමග වාර්තාගත ලෙස තරුණ විරැකියාවක් මතුව ඇති බව ද සදහන්.

චීනයේ සමස්ථ ස්ථාවර වත්කම් ආයෝජනය මෙම වසරේ පළමු මාස 5 තුළ වසරින් වසර සියයට 4 කින් ඉහළ ගොස් තිබෙනවා.

පළමු මාස 4 තුළ එය සියයට 4.7 කින් ඉහළ ගොස් ඇති බව සදහන්.

කෙසේ වෙතත් පුද්ගලික ව්‍යාපාරවලින් ස්ථාවර වත්කම් ආයෝජනය සියයට 0.1 කින් පහත වැටී තිබෙනවා.

WhatsApp Group

Skip to content