කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවන්නට ඇත්තේ විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවකින් බවට ඇමෙරිකානු බලශක්ති දෙපාර්ත්මේන්තුව තහවුරු කර තිබෙනවා.

වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට විශේෂ වාර්තාවක් සපයමින් ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතුන් මඟින් කොරෝනා වයිරසය හට ගන්නට ඇති බවට වූ මතය මේ අනුව වෙනස් වන බවයි.

2019 වසරේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගියා. මේ වන විට ලක්ෂ 70කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා.

එහි නව ප්‍රභේද තවදුරටත් ලොව පුරා ව්‍යාප්තව පවතින්නේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරමින්.

WhatsApp Group

Skip to content