අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු මහජන සමුහාණ්ඩුවේ, ජියොන්ග්සන්ග්බක්-ඩු (Gyeongsangbuk-du) ප්‍රාන්ත ආණ්ඩුකාර ලී චෙයොල් වූ මහතා (Lee CHeol Woo) අතර හමුවක් පසුගියදා ජියොන්ග්සන්ග්බක්-ඩූ ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කෘෂිකාර්මික, ධීවර, කාන්තා හා ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ප්‍රතිලාභ රැසක් ලබාදීමට මෙහිදී එකඟ වූ අතර තවත් ව්‍යාපෘති රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.

පාසල් සඳහා සුහුරු පන්ති කාමර, උසස් අධ්‍යාපනය නොලබා පාසල් හැරයන්නන් සදහා වන වෘත්තීය පුහුණු ආයතන සඳහා තොරතුරු තාක්ෂණ උපකරණ, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම, ශිෂ්‍යත්ව අවස්ථා වැඩිකර රට තුළ නේවාසික වීමේ ඉඩකඩ ලබා දීම, සෞඛ්‍ය, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම, ධීවර ක්ෂේත්‍රයට නව තාක්ෂණය, පසු අස්වනු හානි වැළකීමේ උපදේශන, කාන්තා සවිබල ගැන්වීමේ කටයුතු වලට සෘජු හා වක්‍ර ප්‍රතිපාදන, කොරියාවේ අස්වනු නෙලන සමයට පමණක් කෙටි කාලිනව රැකියා අවස්ථා ලබාදීමේ හැකියාව ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.

WhatsApp Group

Skip to content