ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු සදහන් කළේ ඒ සදහා ලැබුණු අයදුම්පත් තුළින් මෙම තෝරාපත් කර ගැනීම සිදු කරනු ඇති බවයි.

එහි ප්‍රගතිය පිළිබදව ලබන 22 වනදා රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කෙරෙන බවයි කතානායකවරයා කියා සිටියේ.

21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා සංඛ්‍යාව 10ක් වනවා.

ජාතික මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ජාතික විගණන කොමිසම, මුදල් කොමිසම මෙන්ම සීමා නිර්ණ කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම යන කොමිෂන් සභා දහය ඊට ඇතුලත් වනවා.

WhatsApp Group

Skip to content