බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කල අතර

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කලා.

එවන එක්දින තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා

ඊයේ දහවල් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කල අතර

තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකිවුනා

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් පසුගියදා පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා

දෙරට අතර පැවැත්වෙන තෙවෙනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 26 වනදා පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතයි .

WhatsApp Group

Skip to content