කොකේන් මත්ද්‍රව්‍යයේ ඉල්ලුම සහ සැපයුම ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඇෆ්ගනිස්ථානයෙන් ඔබ්බට යමින් වෙනත් රටවලද සිදුවන බවටයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

2021 වසරේ කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ වාර්තාගත වැඩිවීමක් සටහන් වී ඇති අතර, ගෝලීය කොකේන් භාවිත කරන්නන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව ද මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිදු කරන ලද ලෝක ඖෂධ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා .

ලොව පුරා අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වලින් සියයට 90 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ නැගෙනහිර හා අග්නිදිග ආසියාව සහ උතුරු ඇමරිකාවෙන් බව ද සඳහන්.

 

WhatsApp Group

Skip to content