ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින්නනේද, නැද්ද යන නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද 02 නියෝග කළා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූලි මස 15 වනදාට පෙර ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා.

WhatsApp Group

Skip to content