හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් නම් කර තිබූ පාසලකින් ඔහුගේ නම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව මින් ඉදිරියට මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පියවර ගෙන තිබෙනවා.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යූහ කමිටුව මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූණා.

WhatsApp Group

Skip to content