හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් ලක්ෂ 10ක මුදලක් වැයකර දේශපාලන ක්‍රියාකාරකම් සදහා ජී.අයි.බට මිලදී ගැනීමේ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

අදාළ නඩුව ඊයේ කොළඹ මාහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැදවු අතර එහිදී අදාළ නඩුව විභාගය සදහා අගෝස්තු මස 29 කැදවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

WhatsApp Group

Skip to content