ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අද කල් තැබුණා.

එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම සැප්තැම්බර් මස 4 වන දා සිදු කරන බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව තීන්දුව එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content