ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට සමගාමීව නයිරෝබි අගනුවරදී විරෝධතාවක්ද සංවිධානය කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

විරෝධතාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් 7,000කට අධික පිරිසක් එක්ව සිටින අතර මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අඩපණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content