කෘෂි උපදෙස් අනුව කටයුතු නොකළහොත් වගා වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ අතර නියගය හා ගංවතුර හේතුවෙන් වගා හානි සිදු වූ ගොවියන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් වන්දි ලබාදෙන බවද ඔහු සදහන් කළා.

වන්දි මුදල් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඊට කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ සාක් කලාපීය කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳව ගන්නෝරුවේ දී අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් .

https://www.vnews.lk/storage/2023/10/MAHINDA-AMARAWEERA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content